ප්‍රෝටීන් සියලූ ම සජීවී ෙසෙලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වේ. ප්‍රෝටීනවල සෑමවිට ම කාබන් :ක-, හයිඩ්‍රජන් :්‍ය-, ඔක්සිජන් :ධ- හා නයිට්‍රජන් :භ- අඩංගු වේ. මීට අමතර ව ඇතැම් විට සල්ෆර් :ී- ද අඩංගු වේ. පරිණත මිනිස් සිරුරේ සංයුතිය අනුව 17% ක් පමණ සෑදී ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍යවලිනි.ප්‍රෝටීන් යනු ඇමයිනො අම්ල නැමති වඩා සරල අණු බහු අවයවීකරණයෙන්තැ නුණු සංකීර්ණ අණුවකි. මස්, මාළු, බිත්තර සුදු මදය, මාශ භෝග ආදිය ප්‍රෝටීන් අඩංගු ආහාර ස`දහා උදාහරණ වේ.
පෘථීවිය මතුපිට ඇති වඩාත් ම සුලබ කාබනික සංයෝගය කාබොහයිඩ්රේට ලෙස සැලකිය හැකි ය. ඒවා හරිත ශාක විසින් සිදුකරනු ලබන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් නිපද වේ. එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නා අල, බතල, ධාන්‍ය, සීනි, පිටි ආදිය කාබොහයිඩ්රේට අඩංගු ආහාර සඳහා උදාහරණ වේ. කාබොහයිඩ්රේටවල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන් (C), හයිඩ්‍රජන් (H) හා ඔක්සිජන් (O). මෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනය වන්නේ 2 : 1 අනුපාතයෙනි. කාබොහයිඩ්රේටවල පොදු අණුක සූත්‍රය Cx (H2 O) y